17 October 2025

logo

බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්



මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන්ගේ බිරිඳට සහ ඇයගේ සමීපතමයන්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09)කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ තහනම් කළ බැංකු ගිණුම් අතර මෙම සැකකාරියගේ බැංකු ගිණුම් 05ක් පවතින බවයි.
 
අදාළ පැමිණිල්ල අද (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා. 

ඉන් අනතුරුව අදාළ සැකකාරිය ලබන 23වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)