14 August 2025

logo

බංගලාදේශ මහ මැතිවරණය පැවැත්වෙන දින දැනුම්දෙයි



එළඹෙන වසරේ පෙබරවාරි මාසයේදී බංගලාදේශ මහමැතිවරණය පවත්වන බව එරට අන්තර් වාර නායක මොහොමඩ් යූසුෆ් පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ෂෙයික් හෂීනා බලයෙන් පහ කිරීමෙන් පසු එරට පවත්වන පළමු මැතිවරණය මෙය වන බවයි. 

ශිෂ්‍යයන් විසින් මෙහෙයවූ විරෝධතාවලින් පසු ෂෙයික් හෂීනා පසුගිය වසරේ අගෝස්තු 05වනදා ඉන්දියාවට පළා ගිය අතර පසුව නොබෙල් ත්‍යාගලාභී මොහොමඩ් යූසුෆ් භාරකාර රජයේ ප්‍රධානියා ලෙස පත්වුණා.

එරට අන්තර් වාර නායක මොහොමඩ් යූසුෆ් සඳහන් කළේ රාමසාන් මාසයට පෙර මැතිවරණය පවත්වන ලෙස මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම්දෙන බවයි. 

(colombotimes.lk)