ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ලංසු ලබන මාසයේ විවෘත කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය පැවසුවේ, ලංසු ඉදිරිපත් කරන අය මිල ගණන් ඉදිරිපත් කිරීමට කාලය ඉල්ලා ඇති බවයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුණා.
එම යෝජනාව මහා භාණ්ඩාගාරය වෙත යොමු කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් ලෝක බැංකුව සමඟ සාකච්ඡා කළ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)