මෙවර බංගලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට රාජ්ෂාහි වොරියර්ස් කණ්ඩායම ඊයේ (23) රාත්‍රියේදී සමත්වුණා.
ඒ අවසන් මහා තරගයේදී චැටෝග්‍රෑම් රෝයල්ස් කණ්ඩායම ලකුණු 63කින් පරාජය කරමින්.
මීර්පූර්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 174ක් රැස් කිරීමට සමත්වුණා.
කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල්ස් කණ්ඩායමට පන්දුවාර 17.5කදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකියාව ලැබුණේ ලකුණු 111ක් පමණයි.
එහිසි විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ බිනුර ප්‍රනාන්දු තමන් යොමු කලා පන්දුවාර 3 ලකුණු 9කට සීමා කරමින් කඩුලු 4ක් බිඳ දැමීමට සමත්වුණා.
