වෙන්නප්පුවේ වෙල්ලමන්කර ධීවර වරායේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස අල්ලාගත් මෝර මාළු කිලෝග්‍රෑම් 870කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සඳහන් කළේ ඊයේ (23) සිදු කළ මෙම මෙහෙයුමේදී සැකකරුවන් 7දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.
එම මෝර මාළු සහ ධීවර යාත්‍රාව සමඟ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සහ නීතිමය කටයුතු සඳහා වෙන්නප්පුවේ ධීවර පරීක්ෂක කාර්යාලයට භාරදී ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ ධීවර රෙගුලාසි යටතේ මෝර මාළු ඇල්ලීම සීමා කර තිබෙනවා.
(COLOMBOTIMES.LK)
