සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද (24) පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය සඳහා පළමු තරගය ක්‍රීඩා කළ කණ්ඩායම කිසිදු වෙනසකින් තොරව ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා. 
