නව විදුලිබල පනතෙන් ස්ථාපිත වූ සමාගම් 04හි අධ්‍යක්ෂ මණ්ඩල පත් කර තිබෙනවා.
විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්, නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ්, ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හා ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන සඳහා අධ්‍යක්ෂ මණ්ඩල පත්කළ බවයි.
ඒ සඳහා සභාපතිවරුන් පත් කිරීම ඉදිරි සතිය ඇතුළත සිදු කිරීමට නියමිත බවද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.
බලශක්ති අමාත්‍යාංශය කියා සිටියේ විදුලිබල මණ්ඩල සේවකයන්ට තම කැමැත්ත මත අදාළ සමාගම්වලට අනියුක්ත වීම සඳහා ලබන මස 27වනදා දක්වා අවස්ථාව පවතින බවයි.
(colombotimes.lk)