06 January 2026

logo

හැටන් ඔයේ ගසා ගෙන ආ පුද්ගල මළ සිරුරක් හමුවෙයි



මහවැලි ගඟේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ (02) පස්වරුවේ සොයාගත් බව වටවල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ගමගේ සඳහන් කළා.
 
ඔහු කියා සිටියේ රොසැල්ල ප්‍රදේශයේ පාවෙමින් මළ සිරුරක් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින් ලබාදුන් තොරතුරක් මත සිරුර සොයා ගත් බවයි.

පසුගිය දින කිහිපය තුළ හැටන් ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ හැටන් ඔය අසළ හැටන් ශැනන් වත්ත ප්‍රදේශයේදී පස් කන්දකට යට වූ පුද්ගලයාගේ මළ සිරුර බවට වටවල පොලීසිය සැක පළකර තිබෙනවා.

(colombotimes.lk)