colombotimes.lk
සිංහල | English

08 September 2024


ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක බොම්බයි මොටයි තහනමක්



බොම්බයි මොටයි අලෙවිය ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක තහනම් කර තිබෙනවා.

ඒ, සාම්පල පරීක්ෂාවකින් අනතුරුව ඒවායේ රොඩමයින් බී නැමති පිළිකා කාරක ද්‍රව්‍යක් අඩංගු බවට තහවුරු වීමෙන් පසුවයි.

ඒ අනුව පසුගිය සතියේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ මෙම තහනම පනවා තිබෙනවා.

එමෙන්ම මේ මස මුලදී බොම්බයි මොටයි අලෙවිය පුදුච්චේරි ප්‍රදේශය තුළ තහනම් කිරීමට පියවර ගැනුණා.

ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවල ද මෙම රසකැවිල්ලේ සාම්පල පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)