බ්‍රසීලයට අයත් ඇමසන් වැසි වනාන්තරයේ සිදුවන විනාශය මේ වනවිට 34%කින් අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එරට ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා විසින් දැඩි පාරිසරික ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම හේතුවෙන් මෙම ප්‍රතිඵලය ලැබුණු බව සඳහන්.
ඒ අනුව එම පාරිසරික ප්‍රතිපත්තිය ස්ථාපිත කිරීමෙන් වසර 4ක් තුළ වනාන්තර විනාශය මෙසේ ක්‍රමයෙන් පහළ වැටී තිබුණා.
මීට පෙර බ්‍රසීලයේ ජාතික අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය විසින් තහවුරු කර තිබුණේ, 2019 වසරේ පළමු භාගයේ දී වර්ග කිලෝමීටර් 2,649 (වර්ග සැතපුම් 1,023) වැසි වනාන්තර එළි පෙහෙළි කර තිබූ බවයි.
වනාන්තර විනාශය පහත වැටීම ඉතා ධනාත්මක වුවත් එය දිගටම පහළ මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කර බව එරට රජය ප්‍රකාශ කළා.
(colombotimes.lk)