07 July 2025

logo

බ්‍රසීලයෙන් වනාන්තර විනාශය අවසන් කිරීමට සැලැස්මක්



පරිසරය සුරැකීමේ ජාත්‍යන්තර ප්‍රතිඥාවේ කොටසක් ලෙස, 2030 වන විට වනාන්තර විනාශය තුරන් කිරීමේ සැලැස්මක් බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva විසින් ඉදිරිපත් කර තිබෙනවා. 

 
මෙම සැලැස්ම හරහා ඇමසන් වනාන්තරයේ සිදුවන වනාන්තර විනාශය වැලැක්වීම සහ පාලනය කිරීම සඳහා ක්‍රමවේදයක් ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
මෙය දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමේ නවතම පියවරක් ලෙසද හඳුන්වා තිබෙනවා.
(colombotimes.lk)