රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිවසින් ආහාර ලබාගැනීම සඳහා අවසර හිමි වී තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා සිදුකළ ඉල්ලීමට එලෙස අවසරය ලබාදුන් බවයි.
රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෛද්‍ය උපදෙස් මත මේ වනවිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රුධිර පීඩනය ඉහළයාම සහ සීනි මට්ටම ඉහළයාම හේතුවෙන් මෙලෙස ඔහුව මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඊයේ නියෝග කළා.
(COLOMBOTIMES.LK)