24 August 2025

logo

රනිල්ගේ විදෙස් සංචාරයට මුදල් අනුමත කළ සමන් ඒකනායකට රතු එළියක්



රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදෙස් සංචාරයට මුදල් අනුමත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පිළිබඳව විමර්ශන සිදුකරන බව නීති දිශාව භාර, නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ ප්‍රකාශ කළා.

ඒ රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හා එහි විමර්ශන සම්බන්ධයෙන් අද (23) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පැවැත්වීම හේතුවෙන් සමන් ඒකනායක අත්අඩංගුවට ගැනීමටද නියමිතද යන්න පිළිබඳව අදහස් දැක්විය නොහැකි බවයි.


(COLOMBOTIMES.LK)