ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් Andrew Patrick සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි අතර හමුවක් අද (01) පෙරවරුවේ පවත්වා තිබෙනවා.
ඒ බලශක්ති අමාත්‍යාංශයේදීයි.
දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් පැවති එම හමුවේදී විශේෂයෙන් මෙරට විදුලිබල ක්ෂේත්‍රයට අදාළ තොරුතුරු, සැලසුම් සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජා කර තිබෙනවා.
එමෙන්ම සුළං විදුලිබලය ඇතුළු විදුලිබල ක්ෂේත්‍රයේ නව ප්‍රවනතා පිළිබඳව සාකච්ඡා කර තිබෙන අතර අවශ්‍යතාවය අනුව අන්තර්ජාතික සහයෝගීතා ආයතන හරහා මෙරටට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා මෙහිදී එකඟ වී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙරට පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයේ විශාල දායකත්වයක් ලබාදෙන ජල විදුලි බලාගාර පද්ධතිය පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට විශාලතම ජල විදුලි බලාගාරය වන වික්ටෝරියා ජල විදුලිබලාගාරය බ්‍රිතාන්‍ය රජයේ ප්‍රදානයක් බවයි.
(colombotimes.lk)