සිය ආරක්ෂාව සඳහා දුන් වාහන නැවත ලබාදෙන ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන විසින් ඉල්ලීමක් කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ වාහන රජයට ලබාදීම හරහා ඔවුන්ගේ ආරක්ෂාවට යම් බලපෑමක් සිදු වන්නේ නම් එම වාහන නැවත ලබාදීමේ හැකියාවක් පවතින බවයි.
එමෙන්ම ඔවුන්ගේ මෙම ඉල්ලීම පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආරක්ෂණ සමාලෝචන කමිටුව වෙත මේ වන විට ඉදිරිපත් කර ඇති අතර ඔවුන් ලබාදෙන තීන්දුවට අනුව කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
(colombotimes.lk)