කීර්තිබණ්ඩාරපුර සිට මහියංගනය දක්වා ධාවනය වූ ඇගලුම් කර්මාන්ත ශාලාවකට අයත් පෞද්ගලික බස් රථයක් ඊයේ (29) රාත්‍රියේ අනතුරට ලක්වී තිබෙනවා.
ඒ රන්දෙණිගල 36වන සහ 37වන කණුව අතරදීයි.
බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් සමඟ මෙම අනතුර සිදුවී තිබෙනවා.
බස් රථය මාර්ගයේ තිබූ ගල් වැටියක ගැටී අනතුරට ලක්වී ඇති අතර බසය තුළ සිටි පුද්ගලයන් 12දෙනෙක් තුවාල ලබා කැන්දකැටිය රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)