24 June 2026

logo

ඉඩම් වංචා සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී අනාවරණයක්



පසුගිය සමයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තුළ සිදු වූ ඉඩම් වංචා සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව කොප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කළේ එම වංචා අතර 1999 වසරේ සිට වසර ගණනාවක් නියමිත තක්සෙරුවට වඩා අඩු මුදලක් යටතේ මාලිගාවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පෙර පාසලකට අදාළවත් එය ඇතුළත් වන බවයි.

එමෙන්ම අදාළ වංචා සම්බන්ධයෙන් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමටද කරුණු දැක්වීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)