තායිලන්ත - කාම්බෝජ දේශසීමාවේ දින 02ක පැවති යුද ගැටුම්වලින් පසුව කාම්බෝජය වහාම ක්‍රියාත්මක වන පරිදි තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලා තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපතිවරයා සඳහන් කළේ තම රට 'කොන්දේසි විරහිතව' සටන් විරාමයක් ඉල්ලා සිටින බවත්, යුද ගැටුම්වලට සාමකාමී විසඳුමක් අවශ්‍ය බවයි.
කෙසේ වුවත් සටන් විරාම යෝජනාව සම්බන්ධයෙන් තායිලන්තය ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කාම්බෝජයට මායිම්ව පිහිටි දිස්ත්‍රික්ක 08ක මීට පෙර යුද නීතිය ප්‍රකාශයට පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)