24 December 2025

logo

රටවල් කිහිපයක ගුවන් මගීන් අතරමං වෙයි



එංගලන්තය ඇතුලු විදෙස් රටවල් කිහිපයක ගුවන් මගීන් අතරමං වී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් ගමනාන්ත වලට ගමන් කිරීම සඳහා මඟීන්ට විකල්ප සොයා ගැනීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් ගුවන් ගමන් සැලැස්ම නැවත සකස් කිරීමට නොහැකි වීම මෙයට හේතුව ලෙස සඳහන්.

මේ හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. 

මෙය සයිබර් ප්‍රහාරයක් නිසා ඇතිවූ ගැටලුවක් නොවන බවට තහවුරු කර තිබෙන අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAA) විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති.
(colombotimes.lk)