ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් තොගය භාණ්ඩාගාර බැඳුම්කරවලට පරිවර්තනය කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
ඒ දේශීය ණය ප්‍රශස්ථකරණ ක්‍රියාවලියට අනුවයි.
දේශීය ණය ප්‍රශස්ථකරණය පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවක දී අධිපතිවරයා මේ බව සඳහන් කළා.
“දේශීය වශයෙන් ප්‍රධාන වශයෙන් ගන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර. භාණ්ඩාගාර බිල්පත් දැනට තියෙනවා රු. ට්‍රිලියන 4.1 ක්. ඒකෙන් 62.4% ක්ම තියෙන්නේ මහ බැංකුව සතුව. මේ භාණ්ඩාගාර බිල්පත් දීර්ඝකාලීන භාණ්ඩාගාර බැඳුම්කර බවට පත්කරන්න තීරණය වෙලා තියෙනවා“ ලෙසයි මහ බැංකු අධිපතිවරයා මෙම සාකච්ඡාවේ දී පැවසුවේ.
(colombotimes.lk)