16 October 2025

logo

අස්ගිරි අනුනායක ධූරයේ සන්නස් පත්‍ර පිළිගැන්වීමේ උළෙල ඇරඹෙයි



අස්ගිරි පාර්ශවයේ අනු නායක ධූරය සඳහා අභිනවයෙන් තේරීපත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය මීට සුළු මොහොතකට පෙර ආරම්භ කර තිබෙනවා.

ඒ මහනුවර ඓතිහාසික මඟු‍ල් මඩුවේදීයි. 

එය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. 

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක ධූරයට පත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් හට සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් සිදු කර තිබෙනවා. 

(colombotimes.lk)