colombotimes.lk
සිංහල | English

28 April 2024

පාසල්වල අවදානම් ගොඩනැගිලි සම්බන්ධයෙන් වෘත්තිය ක්‍රියාමාර්ගයක් - ලංකා ගුරු සංගමය



පාසල්වල පවතින දැඩි අවදානම් සහගත ගොඩනැගිලි ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ නම් දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ලේකම් ජෝසප් ස්ටර්ලින් මහතා පැවසූවේ, පසුගිය 16වනදා කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී දැරියක මිය යාමේ සිද්ධියට එරෙහිව මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි.

මේ අතර මෙවර අයවැයෙන් පාසල් ගොඩනැගිලි සංවර්ධනය වෙනුවෙන් පළාත්සභා සඳහා විශේෂ ප්‍රතිපාදන වෙන්කර ඇතැයි පළාත්සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළා.
(colombotimes.lk)