හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබෙන බව අල්ලස් කොමිසම අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්.
මෙම නඩුව අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවා තිබෙනවා.
මෙම සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ඉදිරිපත් කර තිබෙන බව එහිදී අල්ලස් කොමිසමට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
