24 December 2025

logo

WATCH VIDEO | Chandrayaan-3 රෝවරයෙන් ඔක්සිජන් පවතින බවට ඉඟියක්



Chandrayaan-3 හි රෝවරය වන ප්‍රග්‍යාන් විසින් පළමු වරට එවන ලද දත්ත මඟින් දකුණු ධ්‍රැවය ආසන්නයේ චන්ද්‍ර පෘෂ්ඨයේ සල්ෆර් පවතින බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ප්‍රස්ථාරිකව නිරූපණය කර ඇති මූලික විශ්ලේෂණයෙන් චන්ද්‍ර පෘෂ්ඨයේ ඇලුමිනියම්, කැල්සියම්, යකඩ, ක්‍රෝමියම් සහ ටයිටේනියම් පවතින බවද ඉන්දියාව පවසනවා.

මේ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර මිනුම් වලින් මැංගනීස්, සිලිකන් සහ ඔක්සිජන් පවතින බවද අනාවරණය වුණා.

මීට අමතරව හයිඩ්‍රජන් පවතින බවට පරීක්ෂණයක් පැවැත්වෙන බව ඉන්දියානු අභ්‍යවකාශ ආයතනය වන ISRO ප්‍රකාශ කළා.
(coombotimes.lk)