රාජපක්ෂවරුන්ට, ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට චන්ද්‍රිකා ස්තුති කරයි (VIDEO)



ණය ගෙවීමට සොරකම් කළ වත්කම් නැවත අයකරගෙන ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් පියවර ගත යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කරනවා. 

ඒ රටේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව මත පදනම්වයි. 
 
ශ්‍රී ලංකාවේ ආර්ථිකය බංකොලොත් කිරීමට වගකිවයුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව දුර්ලභ මෙන්ම ශ්‍රේෂ්ඨ තීන්දුවක් බව ඇය සමාජ මාධ්‍ය ජාලාවල පළ කළ වීඩියෝවක සඳහන් කර තිබෙනවා. 
 
පෙත්සම්කාර පාර්ශවය මෙම පෙත්සමේ විත්තිකරුවන්ට දඩුවම් ඉල්ලා නොමැති බැවින් තීන්දුවේ නම් කර ඇති පාර්ශවයන්ට ශ්‍රේෂ්ඨාධිකරණය දඩුවම් නොදුන් බව ඇය පවසනවා. 
 
වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව අධිකරණයට ගොස් දඬුවම් සහ වන්දි ලබා ගත හැකි බවයි කුමාරතුංග මහත්මිය පැවසුවේ.
(colombotimes.lk)