05 January 2026

logo

ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් සමඟ ගුවන් සේවිකාවක් අත්අඩංගුවට



රුපියල් කෝටි 04කට අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ කිලෝ 01යි ග්‍රෑම් 163ක් සහ රන් බිස්කට් තොගයක් නිතීවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ පෞද්ගලික ගුවන් සමාගමක සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින්.

ඇය අදාළ රන් භාණ්ඩ තොගය සිය ගමන් මල්ලේ සඟවා මෙරටට රැගෙන විත් ඇති අතර ගුවන් යානා කාර්යය මණ්ඩල සදහා පිටතට පැමිණීමේ දොරටුවෙන් ඇය පිටව යාමට තැත් කිරීමේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 27ක් වන කොළඹ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

(colombotimes.lk)