05 January 2026

logo

දියේ ගිලීමෙන් පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි



නොච්චියාගම පොලිස් වසමේ සීරම්බාගම වැවේ දිය නෑමට ගොස් දිටියදී දියේ ගිලීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 67ක් වන 38 කණුව, මහබුලංකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම මෘත ශරීරය නොච්චියාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)