09 January 2026

logo

මෙරට රන් මිලේ වෙනසක්



ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි වැඩිවීමක් සිදු වී ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රන් මිල ද ඉහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව මෙරට රන් මිල ඊයේ (11) දිනයට සාපේක්ෂව රුපියල් 3,000කින් අද (12) ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි 'කැරට් 22' රන් පවුමක මිල රුපියල් 312,000ක් ලෙස සටහන් වී තිබෙනවා. 

මේ අතර ඊයේ (11) රුපියල් 336,000ක් ලෙස පැවති 'කැරට් 24' රන් පවුමක මිල අද වන විට රුපියල් 339,000ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)