colombotimes.lk
සිංහල | English

08 September 2024


චෙන්නායි ගුවන් තොටුපළ සිය මෙහෙයුම් තාවකාලිකව නතර කරයි



චෙන්නායි ගුවන් තොටුපළ සිය මෙහෙයුම් තාවකාලිකව නතර කළ බව නිවේදනය කර තිබෙනවා. 

ඒ ඉදිරි පැය 24 තුළ ගොඩබිමට කඩාවැදීමට නියමිත මිචාවුන්ග් (Michaung) සුළි කුණාටුව හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
“අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ගුවන් තොටුපළ හෙට උදේ 9.00 දක්වා පැමිණීමේ සහ පිටවීමේ මෙහෙයුම් සඳහා වසා ඇත” ලෙසට X සටහනක් තබමින් චෙන්නායි ගුවන් තොටුපළ පාලනාධිකාරිය මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. 
 
මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අධික වර්ෂාව සහ තද සුළඟ හේතුවෙන් චෙන්නායි සිට බැංගලෝර් දක්වා ගුවන් ගමන් 33ක් ආපසු හරවා යවා තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)