පාකිස්ථානයේ දැරියන්ගෙන් මිලියන 19කට ආසන්න ප්‍රමාණයක් අවුරුදු 18ට පෙර විවාහ දිවියට ඇතුළත් වී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වන යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවකින් අනාවරණය වී ඇත්තේ ඉන් මිලියන 4.6ක දැරියන් ප්‍රමාණයක් අවුරුදු 16ට වඩා අඩු වයසේදී විවාහ වී ඇති බවයි.
පාකිස්ථානයේ වර්ධනය වෙමින් පවතින බාලවයස්කාර දැරියන් බලහත්කාරයෙන් විවාහ කරදීමට එරෙහිව කඩිනමින් නීති ක්‍රියාත්මක කරන ලෙස එරට කාන්තා සංවිධාන රැසක් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බාලවයස්කාර දැරියන් විවාහ කරදීමෙන් ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත්, ඔවුන්ගේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය බරපතළ ලෙස කඩා වැටීමකට ලක්වන බවයි.
(colombotimes.lk)