23 May 2026

logo

චීනයේ ගල් අඟුරු පතලක පිපිරීමක් – මරණ සංඛ්‍යාව 82ක් දක්වා ඉහළට



උතුරු චීනයේ ෂැන්සි පළාතේ ගල් අඟුරු පතලක ගෑස් පිපිරීමක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගෑස් පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 82ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.
 
එමෙන්ම තවත් පුද්ගලයන් 9දෙනෙක් පමණ අතුරුදන් වී තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
 
මෙම ගෑස් පිපිරීම සිදු වන අවස්ථාවේදී කම්කරුවන් 247දෙනෙක් පමණ එහි සේවයේ නිරතව සිට තිබෙන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර අදාළ සමාගමේ විධායක නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(colombotimes.lk)