ඉන්ධන නොමැති වීම හේතුවෙන් රටපුරා ඇති සිපෙට්කෝ ඉන්ධනහල් වලින් 40%ක් පමණ ඊයේ (7) වසා දැමීමට සිදු වූ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.
මෙයට හේතුවී ඇත්තේ පෙරවරු 10ට පෙර සංස්ථා ගිණුමට ඇණවුමට අදාළ සම්පුර්ණ මුදල බැර කළ යුතු බවට නව නීතියක් දැමීම බව එම සංගමය සඳහන් කරනවා.
බැංකු විවෘත කිරීමෙන් පසු පවතින සුළු කාලය තුළ මුදල් ගිණුම් ගත කිරීමට නොහැකි වීම හේතුවෙන් ඉන්ධනහල් වලට ඇණවුම් නොලැබී ගිය බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)
