22 May 2026

logo

වසා දැමුණු පාසල් යළි විවෘත වෙයි



පසුගිය දිනවල උණරෝගයක් පැතිර යාම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් හෙට (13) සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. 

දකුණු පළාත් අධ්‍යාපන ලේකම් නිශාන්ත පතිරණ සඳහන් කළේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි. 

පාසල් ළමුන් අතර උණ රෝගී තත්ත්වයක් පැතිර යාම හේතුවෙන් දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් 4ක් පසුගිය බ්‍රහස්පතින්දා සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කළා. 

සෞඛ්‍ය අංශ සඳහන් කළේ එම පාසල්වල ළමුන් 56දෙනෙක් පමණ මෙම උණ රෝගී තත්ත්වයට ලක්ව සිටින බවයි. 

(colombotimes.lk)