04 November 2025

logo

තාවකාලික ඉදිකිරීම් යටතේ වෙරළ කලාප නව ආයෝජකයන් අතට



මෙරට සංචාරක ආකර්ෂණයට ලක් වූ වෙරළ කලාප 24ක් හඳුනාගෙන ඇති බව නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එම සංචාරක කලාපයන් ද රටේ ආර්ථිකයට දායකත්වයක් ලැබෙන පරිදි ආයෝජකයන්ට ලබා දීමට ද තීරණය කර ඇති බවයි.

ඒ අනුව තාවකාලික ඉදිකිරීම් යටතේ එම වෙරළ කලාප නව ආයෝජකයන්ට ලබා දීමට නියමිතයි.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත කොළඹ, ඇල්ල, නුවරඑළිය, මහනුවර හා ත්‍රිකුණාමලය සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශ ලෙස සංවර්ධනය කිරීමට දැනටමත් පියවරගෙන ඇති බව ද ඔහු සඳහන් කළා.
(colombotimes.lk)