ශ්‍රී ලාංකීය Digital පුවත් වාර්තාකරණයට නව මානයක් හඳුන්වාදෙමින්, අපක්ෂපාති සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් Digital මාධ්‍ය තුළ ප්‍රවෘත්ති වාර්තාකරණ අත්දැකීම, ඔබ සමීපයට රැගෙන එන Colombo Times, අද සිය 7වන සංවත්සරය මහත් අභිමානයෙන් සමරනු ලබනවා.
CT ONE සමූහයේ Colombo Times Network පුද්ගලික සමාගමට අයත් Colombotimes.lk වෙබ් අඩවිය, රටේ පැවති විශ්වසනීය සහ සාරවත් ඩිජිටල් මාධ්‍ය කලාවේ අඩුව පුරවමින් ආරම්භ කෙරුණේ 2018 වසරේ ඔක්තෝබර් මස 10වනදා එනම් මීට සත් වසරකට පෙර අද වැනි දිනකයි.
මෙවර Colombo Times 7 වන සැමරුමේ තේමාව වන්නේ ' Colombo Times සප්තාභිෂේකය' යන්නයි.
'Colombo Times සප්තාභිෂේකය' සංවත්සරික සැමරුම පිළිබඳව Colombo Times නිර්මාතෘ, ප්‍රධාන විධායක නිලධාරී සජීව ද සිල්වා දැක්වූයේ මෙවන් අදහසක්.
'වසර හතකට පෙර, Colombo Times ආරම්භ වුණේ නොපසුබස්නා දැක්මක් සමඟයි. 2018 කාල වකවානුව වන විට ශ්‍රී ලංකාවේ Digital මාධ්‍යන් තුළ Gossip සහ News වෙන්කර හඳුනාගත නොහැකි අවදියක අප දුටු හිස්තැන පිරවීම වෙනුවෙන් Colombo Times ආරම්භ කළා.
ප්‍රමිතිගත පුවත් වාර්තාකරණය සමඟ සාරවත් ලෙස ශ්‍රී ලාංකිකයන් ඩිජිටල් ප්‍රවෘත්ති අත්විඳින ආකාරයට නැවත හැඩ ගස්වා ගැනීම අපේ ලොකුම අභියෝගය වුණා. එය අපි ජයගත්තේ ස්ත්‍රී දූෂණ, සියදිවි හානිකරගැනීම්, ළමා හිංසන, මනුෂ්‍ය ඝාතන වැනි සංවේදී තේමාවන් ඔස්සේ වන පුවත් අතිශයෝක්තියෙන් වාර්තා කිරීමෙන් වැළකෙමින්.
පුංචි නමුත් උද්‍යෝගිමත් කණ්ඩායමක් ලෙස ආරම්භ වූ Colombo Times අද රටේ වඩාත්ම විශ්වාසදායක සහ ඉදිරිගාමී මාධ්‍ය වේදිකාවක් බවට පත්ව ඇති අතර එය සෑම මසකම මිලියන ගණනක පරිශීලකයන් වෙත ළඟාවනු දැකීම ආඩම්බරයට කරුණක්.
අපගේ හත් වසරක මෙම ගමන ගොඩනඟා ඇත්තේ කැපවීම, කණ්ඩායම් හැඟීම සහ සත්‍ය පමණක් ජනගතකරණයේ බලය නිසයි. අපගේ පරිශීලකයන් දැනුවත් කිරීම, ආශ්වාදයක් ලබාදීම සහ රට ලෝකය හා සම්බන්ධ කිරීම වෙනුවෙන් අපගේ ප්‍රවෘත්ති කාමරය, Content නිර්මානශිල්පීන් සහ තාක්ෂණික කණ්ඩායම් වෙහෙස නොබලා කටයුතු කළ අයුරු මේ මොහොතේ සිහිපත් කරන්නේ ස්තූතිපූර්වකවයි.
එමෙන්ම 7 වන සංවත්සරය සමරන මේ මොහොතේ අපගේ මෙහෙවර විශ්වාස කිරීම වෙනුවෙන් අත්වැල් බැඳගත් අනුග්‍රාහකයන්ට සහ හවුල්කරුවන්ට, රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම තොරතුරු වෙනුවෙන් හඬක් වන අපගේ ප්‍රාදේශීය පුවත් වාර්තාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට සහ අපගේ වර්ධනයට සහ අරමුණට ජවය සපයන අපගේ සුභ පතන්නන්ට සහ පාඨකයන්ට මම මගේ හෘදයාංගම කෘතඥතාව පළ කරනවා.
Colombo Times හි ඊළඟ පරිච්ඡේදය තවත් ශක්තිමත් සහ ගුණාත්මක නිර්මාණ සහ වාර්තාවන් සමඟ ඔබට සමීප කරන්න සූදානම් බවද මේ මොහොතේ ඔබට සඳහන් කරන්නේ ඉමහත් අභිමානයකින්.'
අභිමානවත් සත් වසරක ගමන් මගේ පළමු දිනයේ සිටම සාරවත් Digital මාධ්‍ය කලාවක් වෙනුවෙන් කැප වූ Colombo Times අප විශ්වසනීයව සහ අපක්ෂපාතීව පුවත් ඔබ වෙත සමීප කරවීමට WhatsApp සමාජ මාධ්‍යය යොදා ගත්තා.
ශ්‍රී ලංකාවේ පළමු වරට මෙලෙස WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් වාර්තාකරණය හඳුන්වා දුන් අප මේ වන විට දැවැන්තම WhatsApp පුවත් සමූහයන්ට හිමිකම් කියන මාධ්‍ය ජාලය බවට පත්වී තිබෙනවා.
වසර 07ක් පුරාවට අප පැමිණි ගමන් මගේ සාර්ථකත්වය යළි යළිත් තහවුරු කරමින් 2024 වසරේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම මාධ්‍ය වෙබ් අඩවිය ලෙස Colombo Times අප Best Web සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබුවා.
එමෙන්ම වසරේ ජනප්‍රියම පුවත් වෙබ් අඩවිය සහ වසරේ හොඳම දේශපාලන සංවාදාත්මක වැඩසටහනට හිමි සම්මානයන්ගෙන් ද Colombo Times පිදුම් ලැබුවා.
සත් වසරක ගමන්මගේ සාර්ථකත්වය යළිත් තහවුරු කරමින් මෙරට LK ඩොමේන් නාමයන් යටතේ ක්‍රියාත්මක වන වෙබ්අඩවි වල අන්තර්ගතයේ ගුණාත්මක බව, පරිශීලනය අත්දැකීම්, නව්‍යතාවය හා කාර්යක්ෂමතාව වැනි දර්ෂකයන් පදනම් කරගනිමින් තෝරා ගන්නා Top Web සම්මානයෙන් ද පිදුම් ලැබීමට පසුගිය ජුනි මාසයේදී Colombo Times අප සමත් වුණා.
Facebook, Twitter, Instergram සහ TikTok සමාජ මාධ්‍ය මෙන්ම YouTube ඔස්සේ Colombo Times අප ඔබ වෙත සමීප වනවා.
අභිමානවත් 07වන සංවත්සරය සමඟමීළඟ වසරකට පා තබන මේ මොහොතේ ඔබේ විශ්වසනීය Digital ප්‍රවෘත්ති සපයන්නා ලෙස නැවුම් වූ අත්දැකීම් රැසක් ඔබ වෙත සමීප කිරීමට Colombo Times අප සූදානම්.
බාධක, අභියෝග මැද නොනැවතී ඉදිරියට ආ පසුගිය සත් වසර පුරාම, අප කෙරෙහි විශ්වාසය තබමින් අපත් සමඟ රැඳී සිටින මිලියන සංඛ්‍යාත Colombo Times පරිශීලක ඔබට අපගේ හද පිරි උත්තමාචාරය !
- අපි Colombo Times -
(colombotimes.lk)