වර්ණ එහෙමත් නැත්නම් පාට කියන්නේ අපේ ජීවිතයත් සමග බැඳී පවතින දෙයක්. වර්ණ හරහා නිතරම අපේ හිත ඇතුළේ තියෙන ආශාවල්, ප්‍රියතාවල් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව පිටතට පෙන්නුම් කරනවා. අපි කැමති වර්ණ අනික් අයට දැකගන්න ලැබෙන්නේ අපි භාවිතා කරන ඇදුම් පැළඳුම්, ආලේපන වගේම යම් උපකරණ, වාහන හා නිවෙස් අලංකරණ කටයුතු වලදීයී. කෙනෙක්ගේ කැමතිම පාට ගැන දැනගත්තාම ඔවුන් පිළිබදව යම් අදහසක් ලබා ගැනීමට අපිට පුළුවන්. අද Be Happy අරගෙන ආවේ කැමතිම පාට අනුව පුද්ගලයින්ගේ ගති ලක්ෂණ හදුනාගන්නා ආකාරයයි.
කළු
ප්‍රතාපවත් බව, බලය, සංකීර්ණ බව, ස්වාධීන බව මෙන්ම ගුප්ත බව හා චිත්තවේගික පැටලිලි සහගත බව පෙන්නුම් කරයි.
තම චිත්තවේග හා හැඟීම් පහසුවෙන් අන් අය හා බෙදා ගැනීමට නොයයි.
ඉතාමත් හිතවත් හා ළඟම රැඳෙන කීපදෙනෙක් තබා ගන්නා අතර ඔවුන් සමඟ පමණක් කටයුතු කිරීම දැකගන්න පුළුවන්.
ආදරය කරන්නන්ට, ළඟම මිතුරන්ට හා පවුලේ අයට ඉතාම ලැදියි.
දැඩි ලෙස රහස් රකින්නන් වෙනවා.
සෘණාත්මක ලක්ෂණ ලෙස දැඩි කෝපය, දුෂ්ට බව, දැඩි බව හදුන්වන්න පුළුවන්.
සුදු
අවිහිංසාව, පාරිශුද්ධ බව, ධාර්මික බව, නිර්මල බව, සුපහන් බව, සර්වශුභවාදී බව පෙන්නුම් කරනවා.
සංවිධානාත්මකව කටයුතු කරන අතර විධිමත් පාලනයක් පවතිනවා.
තාර්කිකව සිතා බලා ප්‍රශ්න විසදා ගැනීමට සමත් වෙනවා.
බොහෝ විට ප්‍රඥාවන්ත අය තමයි මීට අයත් වෙන්නේ.
සාමකාමීව ජීවත් වීම ප්‍රිය කරන අතර ස්වාධීන ගති පැවතුම් වලින් යුක්තයි.
විටෙක ධාර්මිකව ජීවත් වීම නිසා කරදර හා හිත් රිදීම් වලට ද මුහුණපෑමට සිදු වෙනවා.
රතු
ඔවුන් ප්‍රබෝධමත්, ආකර්ෂණීය, ක්‍රියාශීලි, උද්‍යෝගිමත්, නිර්භීත, ඉතා සංවේදී අය වෙනවා.
තමන්ගේ පෞද්ගලික දෑ පවා අන් අය හා බෙදා ගැනීමට ප්‍රිය කරන අතර තම අරමුණු වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පෙළඹෙනවා.
විටෙක යම් දෙයක් දැන එය නොදන්නා ලෙස හැසිරීමට පෙළඹෙනවා වගේම විටෙක උපායශීලී ක්‍රියාකලාපයක් අනුගමනය කරනවා.
අන් අය අතර ප්‍රකට වීමට ප්‍රියයි.
පාලනය කිරීමට, අණ දීමට උචිත අධිකාරිත්ව පෞරුෂයක් පවතිනවා.
නිල්
ලොව බොහෝ පිරිසකගේ ප්‍රියතම පාට තමයි නිල් වර්ණය.
ඉතාමත් පක්ෂපාතී, ස්ථායි, සන්සුන්, ස්වාධීන අදහස් දරන, අසාධාරණය වෙනුවෙන් ක්‍රියා කරන අය මීට අයත්.
මොවුන් තුළ අභ්‍යන්තර සතුට වෙනුවෙන් කටයුතු කිරීම ප්‍රබලව දැකගන්න පුළුවන්.
දැනෙන දේ කීමට, කිරීමට ඔවුන් බය නැහැ.
අනුන්ගේ මත විමසා බලා ඒ හා කටයුතු කරන අතර බොහෝ විට අන් අයගේ මත ඉවතලා තම අභිමතය පරිදි කටයුතු කරයි.
අන් අයගේ සුභසිද්ධිය පිලිබඳව සොයා බල කටයුතු කරන අතර මොවුන් විවෘත මනසකින් හෙබියි.
ස්වයං හානිදායක කටයුතු සමඟ යොමු වීම හරහා සමාජයේ දී දුක්මුසු අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වෙයි.
සෘණාත්මක ලක්ෂණ ලෙස සෞඛ්‍යය සම්පන්න නොවන බවක් පෙන්නුම් කරන අතර විශාදය, දැඩි වේදනාව පෙන්නුම් කරයි.
කොළ
පරිසරය නිරූපණය කරන වර්ණයයි.
ස්වභාසෞන්දර්යට ප්‍රිය පරිසර හිතකාමී චර්යා පෙන්නුම් කරන, විවෘත මනසකින් හෙබි, හොඳ කළමනාකරණයකින් යුතු අය මීට අයත්.
තමාගේ හා අන් අයගේ අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය දෙන අතර අන් අයගේ අදහස් හා විවාදයකින් හෝ සොයාබැලීමකින් තොරව එකඟවෙයි.
නිර්මාණශීලී හා නව දේවල් සෙවීමට පෙළඹෙනවා වගේම නුවණක්කාර ලෙස තීරණ ගැනීමට යොමුවෙයි.
සමාජය තුළ ස්වාධීන ලෙස ජීවත් වීමට ප්‍රිය කරයි.
සෘණාත්මක ලක්ෂණ ලෙස ඊරිසියාව, කුහකබව හා ලෝභකම ඇති වෙයි.
කහ
සතුට, සිනහව, ප්‍රබෝධමත් බව, තෘප්තිමත් බව, සමාජශීලී බව, ත්‍යාගශීලී බව, සර්වශුභවාදී බව මින් සනිටුහන් කරයි.
මනෝවිද්‍යාත්මකව මෙය ධනාත්මක බවේ වර්ණය ලෙස හදුන්වනවා.
බලවත්, ප්‍රතාපවත් හා ඥානවන්ත බවක් ද පෙන්නුම් කරයි.
මෙයින් මධ්‍යස්ථව අනතුරු ඇඟවීමක් හා ප්‍රබල ලෙස අධිකාරී බවද නිරූපණය වන අවස්ථා ද නැතුවම නොවෙයි.
කහ වර්ණයට කැමති පුද්ගලයින් විටෙකදී අහේතුකව දුක්මුසු චිත්තවේග හා හැඟීම් සහිතව ද දැක ගන්න පුළුවන්.
හැබැයි කහ වර්ණය දැකීම මඟින් යමෙකුගේ දුක්මුසු හැඟීමක ප්‍රබල බව අඩු කිරීමට ද හැකියාව තියෙනවා.
දම්
රාජකීය බව ප්‍රබල ලෙස නිරූපණය වන මෙය රාජකීය වර්ණය ලෙසත් හැදින්වෙනවා.
බලය, වංශවත් බව, සුවපහසුව, ප්‍රඥාවන්ත බව, සංවිධානාත්මක බව, ආධ්‍යාත්මික බව පෙන්නුම් කරයි.
අන් අය එක්ක කටයුතු කිරීමට පහසුවෙයි.
තම හැඟීම්, චිත්තවේග තමා සතුවම තබා ගැනීමට ප්‍රිය කරයි.
තනිව විසීමට ප්‍රිය කරයි.
තමාගේ සතුට, සැනසීම ගැන කටයුතු කරයි.
දම් වර්ණය තුළින් විශාදය, අධික වේදනාව, කලහකාරී බව නිරූපණය කරයි.
රෝස
ලොව කාන්තාවන් වෙනුවෙන්ම වෙන්වූ වර්ණයයි.
කාන්තා භාණ්ඩ, නිෂ්පාදන සඳහා ප්‍රබලව යොදාගනී.
සීමා විරහිත ආදරය, සෙල්ලක්කාර බව, ප්‍රීතිප්‍රමෝදය, නොමේරූ බව හා වනිතා බව පෙන්නුම් කරයි.
ඔවුන් තමා සතු දේ අන් අය හා බෙදා ගැනීමට ප්‍රිය කරයි.
ආදරයට ලැදි අතර අන් අය කෙරෙහි කරුණාවක් දක්වයි.
ආදරය කරන අය, පවුල, මිත්‍රයින් හා හිතවතුන් සමඟ නිරන්තරයෙන් විසීමට ප්‍රියතාවක් දක්වයි.
අන් අයගේ අවශ්‍යතා වලදී ඔවුන්ට අවශ්‍ය චිත්තවේගික සහයෝගන් ලබා දීමට ද නොපැකිලෙයි.
දුඹුරු
සුවපහසුව, ආරක්ෂාකාරී බව, වර්ධනය, සරල බව, පක්ෂපාතී බව, විශ්වාසදායක බව පෙන්නුම් කරයි.
කෙලින් කතා කරයි.
සෘජු තීරණ, සෘජු ගතිගුණ සහිතයි.
නිර්භයව සමාජය තුළ කටයුතු කරයි.
වගකීම් සහගත බව ඉහළයි.
ඕනෑම කටයුත්තක් නිසි ලෙස නිම කිරීමට දැඩි ලෙස පෙළඹෙයි.
තම පවුලට, ළඟම මිත්‍රයන්ට, ආදරය කරන අයට ලැදියි.
අළු
අළු පැහැති පුද්ගලයින් යම් ගුප්ත බවක් හා වටහා ගැනීමට අපහසු සිතුවිලි වලින් යුක්තයි.
නවීන දේ සෙවීමට හා වටහා ගැනීමට වෙහෙසෙයි.
ලස්සනට, පිරිසිදු ලෙස ජීවත් වීමට ප්‍රිය කරයි.
ප්‍රශ්න වලදී විද්වත් ලෙස කටයුතු කර විසඳා ගැනීමට පෙළඹෙයි.
යමක අවසානය තෙක් කටයුතු කරගෙන යාමට යම් දුරකට අපහසු බවක් පෙන්වෙයි.
රත්‍රං
රාජකීය බව සනිටුහන් කරයි.
බලය, ප්‍රතාපවත් බව, ස්වාධීන බව පෙන්නුම් කරයි.
සෘජුව කටයුතු කරමින් අවශ්‍යතා කෙසේ හෝ ඉටු කරගැනීමට පෙළඹෙයි.
මේ තමයි පුද්ගලයින් කැමති වර්ණය අනුව ඔවුන්ගේ ගතිගුණ පිළිබිඹු වන ආකාරයි. ඔබත් හිතලා බලන්න කැමති පැහැය අනුව ඔබගේ ගතිගුණත් සමාන වෙනවද කියලා.
(Dinithi Thilakarathne @ COLOMBO TIMES)
