11 October 2025

logo

වැඩිහිටියන් 200කගෙන් පැමිණිලි



දරුවන්ගෙන් නඩත්තු ඉල්ලා වැඩිහිටියන් 200කට අධික පිරිසක් ඒ සම්බන්ධයෙන් හඳුන්වාදුන් WhatsApp අංකයට පැමිණිලි යොමු කර ඇති බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසනවා. 

එහි අධ්‍යක්ෂ චතුර මිහිදුම් සඳහන් කළේ 070 789 88 89 යන WhatsApp අංකය මඟින් සරණ උපකාර සේවය හා සම්බන්ධ විය හැකි බවයි.
 
එමෙන්ම පැමිණිලි විභාග කිරීම සඳහා නව නඩත්තු මණ්ඩල පිහිටුවා ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. 

අධ්‍යක්ෂකවරයා කියා සිටියේ පැමිණිලි ඉදිරිපත් කරන්නන් ඉදිරියේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිට ඔන්ලයින් ඔස්සේ සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර ඇති බවයි. 

(colombotimes.lk)