Colombo Times අභිමානවත් 7වන සංවත්සරයට සමගාමීව දීප ව්‍යාප්ත පාසල් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන Connect Colombo ව්‍යාපෘතියේ පළමු අදියර අති සාර්ථක අන්දමින් පසුගියදා දියත් කළා.
ඒ මීගමුව කුරණ ශාන්ත ආනා මධ්‍ය මහා විද්‍යාලයේදීයි.
මෙම වැඩමුළුව සඳහා ශාන්ත ආනා මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ සහ මාධ්‍ය ඒකකයේ දරු දැරියන් 100කට අධික පිරිසක් සහභාගී වුණා.
මෙම වැඩසටහන දියත් කිරීමේ මූලික අරමුණ සහ පරමාර්ථය වූයේ දරුවන්ගේ මාධ්‍ය දැනුම සංවර්ධනය සහ රටේ අනාගත නායකත්ව කිරුළු පැළඳීමට සූදානම් වන දුවා දරුවන්ගේ නායකත්ව කුසලතා සංවර්ධනය කිරීමයි.
එමෙන්ම හුදෙක් වාණිජකරණයෙන් මිදී දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය සහ සුබසිද්ධිය උදෙසා ආරම්භ කළ මෙම වැඩසටහන දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට මේ වන විට සියලුම කටයුතු සූදානම්.
Connect Colombo මීළඟ වැඩසටහන ඔබේ පාසලේ දුවා දරුවන්ට තිලිණ කිරීමට ඔබත් කැමතිනම් දැන්ම ඔබේ පාසලේ නම, දිස්ත්‍රික්කය ඇතුළත් කර කෙටි පණිවිඩයක් 071 - 953 3288 යන දුරකථන අංකයට WhatsApp කරන්න.
අති සාර්ථක ආරම්භයකට මුලපුරමින් මීගමුව කුරණ ශාන්ත ආනා මධ්‍ය මහා විද්‍යාලයේදී සිදු කළ Connect Colombo වැඩසටහනේ Colombo Times සැකසූ විශේෂාංගය පහතින්,
(colombotimes.lk)