16 January 2026

logo

මන්නාරමේ මෙගාවොට් 50 සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඇරඹෙයි



මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමේ කටයුතු ඊයේ (15) ආරම්භ කර තිබෙනවා.
 
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

මෙය ශ්‍රී ලංකාවේ සුළං විදුලිබල ජනන ඉතිහාසය තුළ අවම මිලකට විදුලි ඒකකයක් මිලදී ගැනීමේ අවස්ථාව ලැබුණු පළමු ව්‍යාපෘතියයි. 

පෞද්ගලික සමාගමක් මෙම නව සුළං බලාගාරය ඉදිකරන අතර නවීන තාක්ෂණය සහිත එම බලාගාරය, සුළං ටර්බයින 10කින් සමන්විත වන බවයි වාර්තා වන්නේ. 

එමඟින් ජාතික විදුලි පද්ධතියට එක්කෙරන වාර්ෂික බලශක්ති නිෂ්පාදනය සටහන් වන්නේ විදුලි ඒකක කිලෝවොට් පැය 207,000,000ක් ලෙසයි. 

ඉන් නිෂ්පාදනය වන විදුලි ඒකකයක් රුපියල් 14.37කට ලබාදීම විශේෂත්වයක්. 

මෙම ව්‍යාපෘතිය 2027 මාර්තු මාසයේදී අවසන් කිරීමට නියමිතව තිබෙනවා. 

(colombotimes.lk)