16 October 2025

logo

මනූෂගේ ඇප ඉල්ලීමට අධිකරණයෙන් දුන් නියෝගය



අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම විමසීමට ලබන 08වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. 

මෙම ඇප ඉල්ලීම අද (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම ඉදිරියේ කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ. 

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුෂා සම්මන්දප්පෙරුම විසින් මෙම පෙත්සමට අදාළ ලිඛිත විරෝධතා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. 

එහිදී මනූෂ නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අධිකරණය ඉල්ලා සිටියේ මෙම විරෝධතාවලට පිළිතුරු ගොනු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි. 

ඒ අනුව එම ලිඛිත පිළිතුරු ලබන අඟහරුවාදා ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා ජනාධිපති නීතිඥවරයාට නියම කර තිබෙනවා.


(colombotimes.lk)