කියුබාවේ ජාතික විදුලිබල පද්ධතිය බිඳවැටී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් එරට ජීවත් වන මිලියන 10කට අධික ජනතාවකගේ නිවාස සහ ව්‍යාපාරික ස්ථානවල විදුලිය ඇණහිට තිබෙන බවයි.
සතියක් ඇතුළත දෙවන වරට සිදු වූ දෙවන විදුලි බිඳ වැටීම මෙය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
කියුබානු බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ රෝහල් සහ ජල සම්පාදන පද්ධති ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවලට ප්‍රමුඛතාවය දෙමින් ක්‍රමයෙන් විදුලිබලය යථා තත්ත්වයට පත් කරමින් සිටින බවයි.
ඇමරිකාවේ ඉන්ධන අවහිර කිරීම් හමුවේ විදුලි බලාගාර පවත්වාගෙන යාමට අවශ්‍ය තෙල් ආනයනයට බාධා එල්ල වී තිබෙනවා.
(colombotimes.lk)
