21 February 2025


මෙරට ඩ්‍රෝන යොදා වගා කටයුතු ඇරඹෙයි



ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන පොහොර යෙදීම කෘමිනාශක, වල්නාශක යෙදීම සහ බීජ වැපිරීම සම්බන්ධයෙන් ඩ්‍රෝන නියමුවෝ 16 දෙනෙක්ට විශේෂිත පුහුණුවක් ලබා දී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ කෘෂිකාර්මික නිපුණතා සභාව යටතේ ඔවුන් මෙම පුහුණුව ලැබූ බව සඳහන්.

සබරගමුව විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී එහි විසිරයාමේ උත්සවය පැවැත්වුණා.

කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා ඩ්‍රෝන භාවිතය, ඩ්‍රෝන මෙහෙයුම් සහ නඩත්තුව, ගුවන් දත්ත රැස්කිරීම, දුරස්ථ සංවේදනය, භූමි සංගණනය සහ දත්ත විශ්ලේෂණය පිළිබඳව මොවුන් පුහුණුව ලැබූ බව කෘෂිකාර්මික නිපුණතා සභාව සඳහන් කළා.
(Colombotimes.lk)