එළඹෙන මාර්තු මාසයේදී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්දින තරගාවලියක් සහ T20 තරගාවලියක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.
ඒ අනුව දෙරට අතර තරග 3ක් ඇතුළත් T20 තරගාවලියේ පළමු තරගය මාර්තු 13වනදා පැවැත්වීමට නියමිතයි.
දෙවන තරගය මාර්තු 15වනදා සහ අවසන් T20 තරගය මාර්තු 17වනදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
මෙම සියලු තරග පැවැත්වීමට නියමිතව තිබෙන්නේ සාජා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය මාර්තු 20වනදා, දෙවන තරගය මාර්ති 22වනදා සහ අවසන් තරගය මාර්ති 25වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මෙම එක්දින තරගාවලියේ සියලු තරග පැවැත්වෙන්නේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි. 
