24 February 2026

logo

ජනවාරි මාසයේ උද්ධමනය පහළට



ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජනවාරි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය අද (23) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 2025 දෙසැම්බර් මාසයේදී 2.9%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2026 ජනවාරි මාසයේදී 2.4%ක් දක්වා අඩු වී තිබෙන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම 2025 දෙසැම්බර් මාසයේදී 4.4%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2026 ජනවාරි  මාසයේදී 3.4%ක් දක්වා අඩු වී තිබෙනවා. 



(colombotimes.lk)