නිවසක් තුළ සඟවා තිබූ ව්‍යාජ අංක තහඩු සවි කරන ලද යතුරුපැදියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගාල්ල, බටපොල ප්‍රදේශයේදීයි.
ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ වයස අවුරුදු 30ක් වන ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
මෙම යතුරුපැදිය 2024 වර්ෂයේදී කරන්දෙණිය පොලිස් වසමේදී සොරකම් කරන ලද යතුරුපැදියක් බවටත් සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් කිහිපදෙනෙක් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවටත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
(colombotimes.lk)
