ශ්‍රී පාද වන්දනාවට පැමිණ නැවත අවිස්සාවේල්ල දක්වා ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා.
ඒ නෝටන්බ්‍රිජ් ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේ 03 කණුව ප්‍රදේශයේදීයි.
එම මෝටර් රථයේ ගමන් ගත් තිදෙනෙක් බරපතළ ලෙස තුවාල ලබා ලක්ෂපාන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙන අතර තුවාලකරුවන් දෙදෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහල වෙත මාරු කර යැවූ බව පොලීසිය සඳහන් කළා.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ අනතුරට හේතුව රියදුරුට නින්දයාම බවට සැක පළ කරන බවයි.
එම අනතුරෙන් මෝටර් රථයටද දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා. 


(colombotimes.lk)
