වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1550ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ 2026 වසර සඳහා වන අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.
එම රුපියල් 1550ක වැටුපට අමතරව රජය විසින් පැමිණීමේ දෛනික දිරි දීමනාවක් ලෙස රුපියල් 200ක් යෝජනා කරන බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.
ඒ සඳහා රුපියල් මිලියන 5000ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කර තිබෙන බව ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය කතාවේ සඳහන්.
(colombotimes.lk)
