07 November 2025

logo

දියවඩන නිලමේවරයා තේරී පත්වෙයි



මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑලට හිමි වී තිබෙනවා. 

ඒ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම අද (07) පස්වරුවේ මහනුවර බෞද්ධ මණ්ඩයේ පැවැත්වූ අවස්ථාවේදීයි.

එහිදී ප්‍රදීප් නිලංග දෑල ඡන්ද 195ක් ලබා ගනිමින් තුන්වන වරටත් වසර 10ක කාලයක් සඳහා දියවඩන නිලමේවරයා ලෙස තේරී පත්වී තිබෙනවා. 

(colombotimes.lk)