07 November 2025

logo

ග්‍රාමීය සංවර්ධනය සඳහා වෙන් කළ මුදල මෙන්න



ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 24,000ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ 2026 වසර සඳහා වන අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ග්‍රාමීය පාලම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 2500ක් වෙන් කර තිබෙන බවයි.

වැඩිහිටි ප්‍රජාව සමාජයේ සක්‍රීය පාර්ශවකරුවන් කරගැනීමේ ප්‍රතිපත්තිය සකස් කිරීමට රුපියල් මිලියන 10ක් වෙන් කර තිබෙනවා.

ජනාධිපතිවරයා කියා සිටියේ කාන්තා අභිවෘද්ධිය ඉලක්ක කරගත් වැඩසටහන් වෙනුවෙන් අමතර රුපියල් මිලියන 200ක් වෙන් කර තිබෙන බවයි.   

(colombotimes.lk)