උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රීඩා සංකීර්ණ සංර්වධනය සඳහා රුපියල් මිලියන 150ක් මෙවර අයවැයෙන් වෙන්කර තිබෙනවා.
ජනාධිපතිවරයා කියා සිටියේ ක්‍රීඩා සංස්කෘතියක් වර්ධනය කිරීමෙන් සමාජය තුළ සෞඛ්‍ය සම්පන්න, නිරෝගිමත්, සහයෝගිමත්, 'ජවසම්පන්න පුරවැසියෙක් - ජයග්‍රාහී ජනතාවක්” බිහිවෙන බවයි.
එමනිසා ක්‍රීඩා පහසුකම් සඳහා අවස්ථාවන් පුළුල් කිරීම මඟින් ළමා පරපුර මෙන්ම තරුණ ප්‍රජාව අතර ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම සඳහා රුපියල් මිලියන 1,800ක් වෙන් කර තිබෙනවා.
ජනාධිපතිවරයා කියා සිටියේ ඒ සඳහා තවත් අමතරව රුපියල් මිලියන 800ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙන බවයි.
එමෙන්ම ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රීඩා තරග සඳහා පහසුකම් සැලසීමටත්, දෙවන ස්ථරයේ ක්‍රීඩා සංචිත,ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි, ජාතික ක්‍රීඩා තරඟ, උසස් දක්ෂතා සහිත ක්‍රීඩා සංචිත සඳහා සහභාගී වන ක්‍රීඩකයන් 4,000කට පමණ පහසුකම් සැලසීම සඳහා රුපියල් මිලියන 1,163ක් වෙන් කර තිබෙනවා.
ජනාධිපතිවරයා කියා සිටියේ ක්‍රීඩා යටිතල පහසුකම් සංර්වධනය යටතේ මන්නාරම හා වවුනියා දිස්ත්‍රික්කවල ක්‍රීඩා සංකීර්ණ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 225ක් ද, කල්මුනේ ක්‍රීඩාගාරය සාදා නිම කිරීම සඳහා රුපියල් මිලියන 150ක් ද මෙවර අයවැයෙන් වෙන් කර තිබෙන බවයි.
(colombotimes.lk)
